පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමයටම පැවැත්වීමට තම පක්ෂය විරුද්ධ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි කිව්වෙ පැරණි මනාප ක්‍රමයට අපි විරුද්ධයි. එනිසා අලුත් ක්‍රමයකට පළාත් සභා මැතිවරණය තියන්න. ඒක තියනකොට 70 : 30, ඒ කියන්නෙ 70ක් කොට්ඨාශ මට්ටමෙනුත් 30ක් සමානුපාතික නියෝජනයත් දෙක එකට එකතු කරගත්තු මිශ්‍ර ක්‍රමයකට අපි යමු කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (29) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)