පිළිකා කාරක රසායනිකයක් අඩංගු බව අනාවරණය වී ඇති පොල්තෙල් තොගය වෙළඳපොලට නිකුත් වී නොමැති බව ආණ්ඩුවක් වශයෙන් තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි.
"ඉතාමත් පැහැදිලිව කියන්න තියෙන්නෙ දැන් රටේ දිගටම කතා කරනවා පිළිකා කාරක පොල්තෙල් එළියට ඇවිල්ලා කියලා. අපි ආණ්ඩුවක් විදියට කියනවා එහෙම කොහේ හරි - දැනට කියන්නෙ ඒ ආයතන - එහෙම කිසිවක් එළියට ඇවිල්ලා නෑ. ඒ නිසා ඒ ශරිරයට අහිතකර සියලුම පොල්තෙල් ටික ප්‍රතිඅපනයනය කරන්න ඒ ආයතනවල උපදෙස් දෙනවා කියන එක තමයි අපට කියන්න තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පැවති රැස්වීමක් අමතමිනි.
(LNW)