Thursday, January 01, 2026
Follow Us
පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාල වන නීති සංශෝධනය සම්බන්ධ තීන්දුව අද

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විකල්ප යෝජනා දෙකක් පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේය.

එම යෝජනා දෙක වන්නේ පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීම හෝ නව පනත සංශෝධනය කර මිශ්‍ර ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම යන යෝජනා දෙකය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය කුමන ක්‍රමවේදයක් යටතේ හෝ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද මාධ්‍යය වාර්තා පවසා සිටී

ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීති සංශෝධනය කිරීම පිළිබඳ අවසන් තීන්දුව අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිත බව වාර්තා වේ.

(Lanka Leads)