Sunday, July 06, 2025
Follow Us
මමත් ධම්මික පැණිය බිව්වා; රෝගීන් මැද නිරෝගීව ඉන්න ඒකත් හේතුවක් විය හැකියි – අමාත්‍ය විමල් වීරවංශ

11වන දින රාති‍්‍රයේ දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වූ 360 වැඩ සටහනට සහභාගී වෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ තමන් ද ධම්මික පැණිය පානය කළ බවයි.

ලෝකයේ පැවතිය හැක්කේ එක දැනුම් පද්ධතියක් නොවන බවත්, පෙරදිගට විශේෂ වූ දැනුම් පද්ධතියක් ඇති බවත් බටහිර විද්‍යාව සහ එම දැනුම් පද්ධතිය පමණක් විශ්වාස කරන බොහෝ දෙනෙක් පැණිය දෙස උපහාසයෙන් බැලූවත්, තමන් එසේ නොකරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේ ය.

සිරිනිවාස රාමනූජන් නම් ඉන්දියානු තරුණයා; බටහිර ගණිත මහාචාර්යවරුන්ට පවා විසදීමට නොහැකි වූ ගණිත ගැටළු විසදීමට සමත් වූ බවත් එම ගැටළු විසදීමට තමන්ට දැනුම ලැබුණේ ලක්ෂ්මී දෙවියන්ගෙන් බව පවසා ඇති බවත් අමාත්‍යවරයා පැවසී ය.

ඒ අනුව; බටහිර දැනුම් පද්ධතියට අමතරව තවත් දැනුම් පද්ධතියක් ඇති බව තමන් විශ්වාස කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

(Lanka Leads)