Tuesday, October 22, 2024
Follow Us
ශ්‍රීලනිප එකඟතාවක් නැතිව ජනපති අපේක්ෂකයා පත් නොකිරීමට පොහොට්ටුව පොරොන්දු වුණා - මහින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවකින් තොරව ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ප්‍රකාශයට පත් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තමන්ට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා අඛණ්ඩවම පැවැත්වෙන අතර ජුලි මස අවසානය වනවිට එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා සඳහන් කළේ.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (16) හම්බන්තොට ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)