Wednesday, July 02, 2025
Follow Us
තර්ක කර කර ඉන්න අවශ්‍ය නෑ, රුවන් විජේවර්ධන තමයි රනිල්ගෙන් පසු එජාප නායකයා - රංගේ

මේ වනවිට එක්සත් ජාතික පක්ෂයෙහි නියෝජ්‍ය නායක ධුරයට පත්කර සිටින රුවන් විජේවර්ධන මහතාව ඉදිරියේදී එජාප නායකත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ ගැන තවත් තර්ක කරමින් සිටීමට අවශ්‍යතාවයක් නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

"රුවන් විජේවර්ධන මැතිතුමා අපි පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත්කරලා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී ඒ වෙනසත් එක්ක රුවන් විජේවර්ධන මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා ඉදිරිපත් කිරීමට සහ පත්කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් එතනින් එහාට වෙන තර්ක කර කර ඉන්න අවශ්‍යතාවයක් නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (21) අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

(LNW)