තමන්ට පැවරී ඇති අධික රාජකාරි හේතුවෙන් අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම අපහසු බව අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව එම රාජ්‍ය අමාත්‍යාංශය දැනට වෙනත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරන අයෙකු වෙත පැවරීමට අවධානය යොමුව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.
මේ අතර, අයවැය විවාදයේදී ආණ්ඩුවේ දුර්වලතා හදුනා ගනිමින් එම කරුණු ඉස්මතු කිරීම සදහා සමගි ජනබලවේගය සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වැඩමුළුවක් පවත්වා ඇතැයි වාර්තා වනවා.
(Neth)