Saturday, February 14, 2026
Follow Us
ශ්‍රීලනිපය විශ්වාසභංගයට සහයදීමට තීරණය කරයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කර මෙම තීරණය ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා එම පක්ෂ මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

මෙම ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

(Lanka Leads)