විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ලබන සතියේ පාර්ලිමේන්තුවේ විවාද කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු පක්ෂ නායකයන් හෙට (16 වැනිදා) රැස්වීමට නියමිතය.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ හෙට (16 වැනිදා) පස්වරු 1.30 ට පවත්වන මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ට කැඳවීම් කර ඇත.
විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති නිගමනය කථානායකවරයා මෙම 20 වැනිදා පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතය. ඉන්පසු ඒ පිළිබඳ විවාදය පවත්වන දින වකවානු අද කැඳවා ඇති පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර එකඟත්වයකට පැමිණීමට නියමිතය.
කෙසේ වෙතත් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දින පහක විවාදයක් අවශ්‍ය බව විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පසුගියදා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබිණි.
(Lanka Leads)