Wednesday, April 22, 2026
Follow Us
තවත් දේශපාලන පක්ෂ 06 කට ලියාපදිංචිය හිමි වෙයි

තවත් දේශපාලන පක්ෂ 06 ක් අලුතින් ලියාපදිංචි කර තිබෙනවා. ඒ අනුව‍ මෙරට ලියාපදිංචි දේශපාල පක්ෂ සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් තිබේ.

අරුණලු ජනතා පෙරමුණ, ජනතා සේවක පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, පිවිතරු හෙළ උරුමය, සමත්තුව කච්චි, සිංහල රාවය යන දේශපාලන පක්ෂ අලුතින් පිළිගත් දේශපාලන පක්ෂ වේ.

පසුගිය ජනවාරි මාසයේදී නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉල්ලුම්පත් කැඳවා තිබිණි. ඒ අනුව ඉල්ලුම්පත් 154 ක් ලැබී තිබිණි. මූලික පරීක්ෂාවකින් පසුව දේශපාලන පක්ෂ 121 ක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති අතර ඉන් අනුමැතිය හිමිව තිබෙන්නේ පක්ෂ 06 ක් සඳහා පමණි.

(LNW)