Monday, January 12, 2026
Follow Us
20 ගැන කියන්න නොදුන්න දේ විජයදාස ජනපතිට පිටු 9කින් යවයි

රටේ පවතින තත්වය පිළිබඳව සාකිච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරු ඉකුත් 9 වැනිදා අරලිය ගහ මන්දිරය වෙත කැඳවුවත් 20 වැනි ව්‍යවස්ථා සංශෙෘ්ධනය ගැන සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයක් නැතැයිද එය අනිවාර්යෙන් සම්මත කළ යුතුයැයිද කියමින් කිසිවෙකුටත් අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

මෙම තත්වය මත 20 වැනි ව්‍යවස්ථා සංශෙෘ්ධනය සම්බන්ධයෙන් සිය අදහස් පිටු 9කින් යුත් දීර්ඝ ලිපියකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවීමට විජයදාස රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

(Lanka Leads)