Saturday, August 16, 2025
Follow Us
‍රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් වැඩ අරඹයි

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 06 ක් යොදවා තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. එහි නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මේ පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ පැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ සහ මන්නාරම පිහිටි ඔහුට අයත් නිවාස 02 ක් වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් 02 ක් ඊයේ රාති‍්‍රයේම පිටත්ව ගිය බව ද පොලීසිය සඳහන් කළා.

අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා,පොලීසියට උපෙදස් ලබා දුන්නේ ඊයේ දිනයේදීයි.

එහෙත්, එලෙස වරෙන්තුවක් නිකුත් කිරීම ප‍්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය පැවසුවේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අනවශ්‍ය බවයි.

ඒ අනුව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා, පොලීසියට ඊයේ උපදෙස් ලබා දුන්නා. ඒ අනුවයි ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස පොලිස් කණ්ඩායම් 06 ක් යෙදවීමට පියවර ගැනුණේ.

(Neth)