Monday, January 12, 2026
Follow Us
රිෂාඞ්ගේ සොහොයුරා මුදා හැරීමට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් විරෝධයක් - ජනපති සහ අගමැතිටත් ලියයි

රිෂාඞ් බදියුදීන් මන්තී‍්‍රවරයා ආණ්ඩුවට එක්කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

මේ අතර, පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ලිපියක් භාරදී තිබුණා.

ඊට ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් සිය දෙනෙකු අත්සන් තබා තිබෙනවා. රියාජ් බදියුදීන් නැවත අත්අඩංගුවට ගන්නා ලෙසයි එම ලිපිය මගින් අදාළ මන්ත‍්‍රීවරුන් ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

(Neth)