Monday, January 12, 2026
Follow Us
20 ගැන ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ට හෙට ටියුෂන් පන්තියක්

20 වන සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සියලුම මැතිඇමැතිවරුන් දැනුවත් කිරීම සදහා විශේෂ රැස්වීමක් හෙට (09) දින පැවැත්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

මෙම රැස්වීම හෙට සවස 3ට අරලිය ගහ මැදුරේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙහිදී අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් 20 වන සංශෝධනය සම්බන්ධයෙන් මැතිඇමැතිවරුන් දැනුවත් කිරීමට නියමිතව ඇත.

අවසන් වරට පැවැති ආණ්ඩඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මැතිඇමැතිවරුන් කිහිප දෙනෙක්ම 20 සම්බන්ධයෙන් තමන් දැනුවත් නැති බව ප්‍රකාශ කිරීම හේතුකොටගෙන මෙම රැස්වීම පැවැත්වීමට අගමැතිවරයා පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

(Lanka Leads)