Monday, January 12, 2026
Follow Us
හිටපු අගමැති රනිල්ට නොතීසි

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට දේශපාලන පළිගැනීම් විමසන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඊයේ (08 වැනිදා) නොතීසි නිකුත් කළේය.

ඊට අමරතව හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයින්ට ද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඊයේ නොතීසි නිකුත් කළේය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ විසින් ගොනු කර තිබූ පැමිණිල්ලකට අදාළ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ රනිල් වික්‍රමසිංහ ලබන 15 වැනිදා සහ දූෂණ විරෝධී කමිටු සාමාජිකයින්ට ලබන 16 වැනිදා පෙනී සිටින ලෙස ජනාධිපති කොමිසම නොතීසි නිකුත් කර තිබුණි.

වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් ඩී. ජීවානන්ද විසින් කර තිබූ පැමිණිල්ලක වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබූ හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ​යේ හිටපු ලේකම් ජනක සුගතදාස යන අයට ලබන 16 වැනිදා පෙනී සිටින ලෙස දන්වා ජනාධිපති කොමිසම නොතීසි නිකුත් කර තිබේ.

(Lanka Leads)