Monday, January 12, 2026
Follow Us
ජල මූලාශ‍්‍ර වටේ තියෙන ගස් ටික කපන මන්ත‍්‍රීවරයා බෙල්ලෙන් අල්ලා එළියට දමන්න – ඇමැති වාසුදේව නානායක්කාර

පවුල් තුන්සිය ගණනක් පානීය ජලය පරිහරණය කරන ජලමූලාශ‍්‍රය වටේ තියෙන ගස්ටික කපාදමන නාගරික මන්ත‍්‍රීවරයා බෙල්ලෙන් අල්ලා එළියට ඇදල දාන්න කියලා පොලිසියට කියන්නැයි ඇමැති වාසුදේව නානායක්කාර මහතා රත්නපුර ප‍්‍රාදේශීය ලේකම්වරියට පැවැසුවේය.

ඇමැතිවරයා එසේ පැවසුවේ ඉකුත් 4 වැනි දින රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු මංගල රැස්වීමට

සහභාගිවී රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රගති සමාලෝචන සිදුකෙරෙන අයුරු රාජ්‍ය නිලධාරීන්ගෙන් විමසන අවස්ථාවේදීය. රත්නපුර දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ රත්නපුර පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල එල්ලාවල යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් සහ රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනි ලොකුපෝතාගම මහත්මියගේ කැඳවීමෙන් රැස්විණි.

(Lanka Leads)