Friday, August 15, 2025
Follow Us
කාගෙ හරි මතයක් අරන් ඒක තමයි ජාතික මතය කියලා විහිළු කරන්න හොඳ නෑ - කෙහෙළියගෙන් ජානිපෙට පිළිතුරු

කාගේ හෝ මතයක් රැගෙන එය ජාතික මතවාදය යැයි පවසමින් විහිළු කතාකිරීම නුසුදුසු බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.

"කාගෙ හරි මතයක් ඉදිරිපත් කිරීම, ඒ මතය උඩ ඒ මතය අරගෙන, ඒ මතය තමයි ලෝක මතය ජාතික මතය ජාත්‍යන්තර මතය පාර්ලිමේන්තුවෙ මතය යැයි කියලා විහිළු කතාකරන්න හොඳ නෑ. එය කිසිම ගැටළුවක් නොවෙයි" යනුවෙනුයි ඒ මහතා උපහාසාත්මක ලෙස සඳහන් කළේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික නිදහස් පෙරමුණ විසින් 20 වැනි සංශෝධනය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකර ඇති ලිපිය සම්බන්ධයෙන් ඊයේ (04) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)