Friday, August 15, 2025
Follow Us
විජයදාසගෙන් අමුතු ලියුමක්

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු විග්‍රහ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් යවා තිබේ. එම අඩුපාඩු විසඳාගත හැකි විකල්ප ද එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

එම සංශෝධන සිදුනොවන්නේ නම් මහජන පරමාධිපත්‍යයට ගරුකරන්නෙක් ලෙස 20 වැනි සංශෝධනයට සහාය දිය හැකිද යන ප්‍රශ්නය තමන්ට උද්ගත වන බවද ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත.

එසේම වත්මන් ජනාධිපතිවරයා 20 වැනි සංශෝධනයේ බලතල භාවිතයේදී රටට හානියක් සිදු නොකරතත් ඉදිරි කාලයේදී ප්‍රශ්න ඇතිවිය හැකි යැයි ද රාජපක්ෂ මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා 20 වැනි සංශෝධනය ගැන නිල වශයෙන් මත දැක්වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර පසුගිය අමාත්‍ය මණ්ඩලය පිහිටුවීමේදී ඔහුට ලබාදුන් රාජ්‍ය අමාත්‍යධූරය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මාස කිහිපයක් නිහඬවම සිටියේය.

(Lanka Leads)