Friday, August 15, 2025
Follow Us
සජිත් 2025 ජනාධිපති වීම ස්ථිරයි.. ගල් ගැසු අයටත් එදාට නිවාස ඔප්පු දෙනවා – හිරුණිකා

කොතරම් ගල්මුල් ගැසුවත් සජිත් ප්‍රේමදාස මහතා තවත් වසර පහකින් මෙරට ජනාධිපති වීම ස්ථිර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

ජනහමුවට ගල් ගැසූ පුද්ගලයන්ටද සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු නිවාස ඔප්පු ලබා දෙන්නේ යයිද ඇය පැවසුවාය.

රත්මලාන ප්‍රදේශයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ජනහමුවකට එල්ල වූ ගල් ප්‍රහාරයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව පැවසිය.

(Lanka Leads)