Tuesday, April 23, 2024
Follow Us
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩක් කළකිරීමෙන් ඉන්නේ. ආණ්ඩුව අපට සලකනවා මදි - දයාසිරි

ආණ්ඩුවෙන් තමන්ට ලැබෙන සැලකිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහත් කළකිරීමෙන් පසුවන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට ගොඩක් කළකිරීමෙන් ඉන්නේ. මොකද හේතුව, අපේ පාක්ෂිකයින්ට ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරුන්ට අපේ සංවිධායකවරුන්ට ලැබිය යුතු ගෞරවය ඒවගේම ලැබිය යුතු ප්‍රතිපාදන ඔවුන් මේ ජයග්‍රහණ වලට දායක වුණු අය විදියට ලැබිය යුතු ශක්තිය ලැබෙන්නෙ නැහැ ආණ්ඩුවෙන්.

ඒ නිසා ඒක ගැන මට ලොකු කණගාටුවක් තියෙනවා. මොකද මං තමයි මේ ප්‍රශ්නවලදි අවසානයේ වරදකරුවා බවට පත්වෙන්නෙ. බැණුම් අහන්නෙ මම. බනින්නෙ මට. ඒක නිසා ඔය ප්‍රශ්න හොඳින් මම අවබෝධ කරගෙන තියෙනවා. ඉතිං ඔවුන්ට සමහර වෙලාවට අපට දෙන්න උත්තර නැතිව යනවා. ඒක නිසා මේවා ඉක්මනින් විසඳාගත යුතුයි. ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි ඉතාම ඉක්මනින් සකස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමිනි.

(LNW)