Friday, August 15, 2025
Follow Us
රියාජ් බදියුදීන් මාස පහකට පසු රහස් පොලීසියෙන් මුදාහරී

එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටි රියාජ් බදියුදීන් මහතා මුදාහැර තිබෙනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බාල සහෝදරයා වන රියාජ් මුදාහැර තිබෙන්නේ අත්අඩංගුවට ගෙන මාස පහකට වැඩි කාලයක් රඳවා තබා ගැනීමෙන් පසුවයි.

රියාජ් බදියුදීන්, නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට පත්වූයේ පසුගිය අප්‍රේල් 14 වැනිදායි. එතැන් සිට ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීම් සිදු කළේය.

රියාජ් බදියුදීන් මහතා සමග අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇතුළු සෙසු පිරිස මුදාහැරීමට තවමත් තීරණය කර නොමැති අතර ඔවුන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි වාර්තා වන්නේ.

(LNW)