Tuesday, January 13, 2026
Follow Us
රනිල්ගේ සාක්ෂි සත්‍යයෙන් තොරයි – ජ. වි. පෙ. නායක අනුර

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ දිවුරුම් පිට ලබා දී ඇති සාක්ෂි සත්‍යයෙන් තොර බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (28 වැනිදා) සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.

යහපාලන රජය සමයේ දී ස්ථාපිත කළ දූෂණ විරෝධී කමිටුව මෙන්ම ජාතික විධායක සභාව සම්බන්ධයෙන් හිටපු අගමැතිවරයා අසත්‍ය සාක්ෂි ලබා දී ඇතැයි ද අනුර කුමාර දිසානායක, ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවැසීය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ ගොනු කර තිබෙන පැමිණිලි කිහිපයක වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින අනුර කුමාර දිසානායක ජනාධිපති කොමිසම හමුවේ පැය 02 කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දුන්නේය.

වගඋත්තරකාර අනුර කුමාර දිසානායක, පැමිණිලිවලට අදාළ නොවන කරුණු දිගින් දිගටම ප්‍රකාශ කිරීම කෙරෙහි අවධානය යොමු කළ සභාපති විනිසුරු උපාලි අබේරත්න, ජනාධිපති කොමිසම හමුවේ අදාළ නොවන සාක්ෂි ලබා නොදෙන ලෙසට අනුර කුමාර දිසානායකට දැඩි ලෙස අවවාද කළේය.

(Aruna)