Friday, August 15, 2025
Follow Us
20 ඉතා භයානකයි -හිටපු ජනපතිනි චන්ද්‍රිකා කියයි

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉතා භයානක බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ, පෙරේදාට යෙදුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ, නිර්මාතෘ දිවංගත අග‍්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්. ආර්. ඞී බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණ සමරු උත්සවයට එක්වෙමිනි. දිවංගත අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ 61 වැනි ගුණ සමරුව ගම්පහ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී පැවැත්විණි. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ සුනේත‍්‍රා බණ්ඩාරනායක මහත්මියගේ ප‍්‍රධානත්වයෙනි.

එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිය පවුලේ බූදලයක් ලෙස නොසලකන බවය. පොදු ජනතාවගේ නායකයකුට පක්ෂය දුන් නමුත් ඔහු නිසි ලෙස කටයුතු නොකළ බවත්, එම නායකයා පක්ෂය කෑලි කෑලිවලට ඉරා දැමූ බවත් හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

(Lanka Leads)