Friday, August 15, 2025
Follow Us
කරුගේ නව පක්ෂයක් පිහිටුවීමේ කතාව බොරුවක් - සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය කියයි

හිටපු කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමග නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සූදානම් වන බවට පළවන වාර්තා අසත්‍ය බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය පවසනවා. සතිඅන්ත පුවත්පතක් විසින් වාර්තා කර තිබූ එම පුවත පදනම් විරහිත බවයි එම සංවිධානයේ ලේකම් පාලිත ලිහිණිය කුමාර පැවසුවේ. සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය කිසිලෙසකින් හෝ දේශපාලන පක්ෂයක් ලෙස කටයුතු නොකරන බවද ඔහු සදහන් කළා.

හිටපු කතානායක කරු ජයසූරිය මහතා සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන බැවින්, ඇතැම් පාර්ශව සිය සංවිධානය පිළිබද අසත්‍ය පුවත් වාර්තා කරමින් සිටින බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)