Friday, August 15, 2025
Follow Us
ඉදිරියට තැබූ පය ආපසු ගන්නේ නෑ. විපක්ෂයෙන් 20ක් ගන්න දැනටමත් සියල්ල සූදානම් - එස්. එම්.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී විපක්ෂයේ විසි දෙනෙකුගේ සහාය ඊට ලබාගැනීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මේ වනවිටත් සූදානම් කර ඇති බව අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී ආණ්ඩුව සමග එක්වන විපක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ඇතැම් විට 25ක් වුව ද වියහැකි බවයි ඒ මහතා සඳහන් කළේ.

කවුරුන් කකුලෙන් ඇද්ද ද කවුරුන් බාධා කළ ද ඉදිරියට තැබූ පසුපසට ගැනීමට ආණ්ඩුව සූදානම් නොමැති බව ද ඒ මහතා අවධාරණය කළේය.

එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)