අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් එම පක්ෂයේ ජාතික නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ එහි ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මැතිවරණ කොමිසමට පැමිණ එහි නියෝජිතයින් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සම්බන්ධයෙන් ඉදිරි සතියේදී පිළිතුරක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එහිදී සදහන් කළ බවයි අපේ ජනබල පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් නෙත් නිවුස් වෙත සදහන් කළේ.
සිය පක්‍ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සදහා නියෝජිතයෙකු නම් කිරීම දිගින් දිගටම කල්යාම මන්තී‍්‍ර ධුරය අහිමි කිරීමේ කුමන්ත‍්‍රණයක් විය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
එම පක්ෂයේ ලේකම් ලෙස තමන් කටයුතු කරන බැවින් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධූරය තමන්ට ලබාදෙන ලෙසයි පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් ඉකුත් දා මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණේ.
අනතුරුව මැතිවරණ කොමිසම වෙත අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ලිපියක් යොමුකරමින් සඳහන් කළේ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සිය පක්ෂයේ තාවකාලික ලේකම්වරයා ලෙස කටයුතු කළ හිමිනමක් බවයි. එබැවින් සිය පක්ෂයේ හිටපු මහ ලේකම් නිශාන්ත රත්නායක අපේ ජනබල පක්ෂයේ ලේකම්වරයා ලෙස පිළිගන්නා ලෙස එම පක්ෂයේ සභාපතිවරයා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණා.
මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ වනවිට නීතිපතිවරයාගෙන් උපදෙස් පතමින් ලිපියක් ද යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
(Neth)