ප්‍රජාතන්ද්‍රවාදී නොවන මහතීර් මොහොමඩ් යටතේ මැලේසියාවත් ජෙනරාල් පාර්ක් යටතේ දකුණු කොරියාවත් සංවර්ධිත, පොහොසත් රටවල් බවට පත්වූ බැවින් විධායකට අතට බලය එකතු වීම පිළිබඳ මෙරට පුරවැසියන් බියට පත්විය යුතු නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
"ඕනෙ තරම් ලෝකෙ ද්විත්ව පුරවැසියො ... දැනටත් ඉන්නවා ඕස්ට්‍රේලියාවෙ අගමැතිවරයා ද්විත්ව පුරවැසියෙක්. මට මතකයි මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ මහලේකම් හැටියට මම යනවා මහතීර් මොහොමඩ්ගෙ පක්ෂෙ පක්ෂ සම්මේලෙනයට. ගියාම මහතීර් මොහොමඩ් මට ඔනරරි සිටිසන්ෂිප් එකක් දෙනවා මැලේසියාවෙ. මං දන්නෑ ඒක කොච්චර වලංගුද කියලා. හැබැයි ඒක මට තෑග්ගක් හැටියට දුන්නෙ මැලේසියන් සිටිසන්ෂිප් එක.
මහතීර් මොහොමඩ්ලා කවදාවත් විපක්ෂයකට ඉඩදුන්න අය නෙවෙයි. එයා ඉතිං ඡන්දයක්වත් සාධාරණව තිබ්බ කෙනෙක් නෙවෙයි. හැබැයි මැලේසියාව ඔහු සංවර්ධිත රටක් කළා. ජෙනරාල් පාර්ක්. ජෙනරාල් පාර්ක් කියන්නෙ බලය අල්ලාගත්තු හමුදා නිලධාරියෙක්. ඔහු දකුණු කොරියාව පොහොසත් රටක් කළා. මේවා තමයි තියෙන උදාහරණ. ඒනිසා ඇත්තටම දේශප්‍රේමී මිනිහෙක්, විධායකයෙක් අතට බලය එකතුවීම පිළිබඳව අපි බය වෙන්න හොඳ නෑ" යනුවෙනුයි ඒ මහතා සදහන් කළේ.
එස්.බී. දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)