Tuesday, January 13, 2026
Follow Us
එජාප අනාගතය රුවන් සහ අකිලට

පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතුවල වගකීම නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් අකිල විරාජ් කාරියවසම්ට පැවරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කටයුතු යොදා ඇත.

පක්ෂයට සම්බන්ධ සියලුම වෘත්තීය සමිති, ආසන බල මණ්ඩල සහ පක්ෂය හැර ගිය පිරිස සමග සාකච්ඡා කර වාර්තාවක් ලබා දෙන ලෙස පක්ෂ නායකත්වය ඔවුන් දෙදෙනාට දැනුම් දී තිබේ.

එම වාර්තාව ලැබුණ පසු පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ අවසන් තීන්දු තීරණ ගැනීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත. එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ පුරප්පාඩු වී ඇති තනතුරුවලට සුදුස්සන් පත් කිරීමටද නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන විසින් ආසන මට්ටමින් පක්ෂ කාර්යාල පිහිටුවීමටද සූදානම් වෙයි. ඒ අනුව මාතර ආසනයේ නව පක්ෂ කාර්යාලය ආසන සංවිධායක උපුල් නිශාන්තගේ මැදිහත්වීමෙන් විවෘත කිරීම අද (26දා) සිදුකිරීමට නියමිතයි. උපුල් නිශාන්ත මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරගේ සමීපතම හිතවතෙකි.

(Aruna)