Tuesday, January 13, 2026
Follow Us
20 ට අපි ඡන්දය දෙන්න තීරණය කරන්නේ ගුණ අගුණ ගැන සාකච්ඡාකිරීමෙන් පසුවයි – ශ්‍රීලනිප

පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති විසි වන සංශෝධන පනත් කෙටුම්පතට ඡන්දය ලබාදීම හෝ නොදීම ගැන තීරණය කරන්නේ එම සංශෝධනය ඇති ගුණ අගුණ ගැන සාකච්ඡාකිරීමෙන් අනතුරුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

ඊයේ (24) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහිි මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේ පක්ෂයක් ලෙස සාකච්ඡා කර එම සංශෝධනය ගැන විග්‍රහයක් ඉදිරියේදී ඉදිරිපත් කරන බවය.

මෙම කෙටුම්පත මගින් 19 වැනි සංශෝධනය ඇති දුර්වලතා ඉවත් කර එහි සාධනීය තත්ත්වය ඉදිරියට ගෙන යා යුතු බවත් 19 සංශෝධනයේ ඇති ඇතැම් ස්වාධීන කොමිෂන් සභා වල තාක්ෂණික ගැටලු වඩාත් නිවැරදි කර ගැනීමෙන් සංශෝධනය ගෙන ආයුතු බවත් ඔහු කියා සිටී.

(Lanka Leads)