Tuesday, January 13, 2026
Follow Us
19ට අපි අත ඉස්සුවේ 20ට අත උස්සන්න ඕනෙ නිසා - දයාසිරි

19 වෙනි සංශෝධනයට තමන් ඡන්දය ලබාදුන්නේ ඉතාම ඉක්මනින් 20 වැනි සංශෝධනයක් ගෙන එන බවට එක්සත් ජාතික පක්ෂය දුන් පොරොන්දුව අනුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

"19 ගෙනල්ලා පහුවදා උදේ 20 ගේනවා කිව්ව නිසා 19ට අපි ඡන්දෙ දුන්නා. හැබැයි 19 වැඩේ කරගෙන 20 වැඩේ කරන්නෙ නැතුව අවුරුදු පහක් ඒක ඇතුළෙ නිකං ඉඳීමේ ප්‍රතිඵලය තමා මේ තියෙන්නෙ.

ඒක නිසා මම කියන්නෙ 19ට අත ඉස්සුවා, අත ඉස්සුවා කියලා කතා කරන හැම කෙනෙකුටම කියන්න තියෙන එක කාරණයක් තමයි 19ට අපි ඉස්සුවෙ 20ට අත උස්සන්න ඕනෙ නිසා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පාර්ලිමේන්තුව අමතමිනි.

(LNW)