Friday, August 15, 2025
Follow Us
ඡන්දය නොදෙන අයට දඩයක්

ඡන්දය පාවිච්චි නොකරන ඡන්දදායකයන්ගෙන් දඩයක් අය කිරීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතු බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

දේශපාලන පක්ෂවලින් තරුණ කාන්තා නියෝජනයක් ඇතිවිය යුතු බවත් ස්වාධීන කණ්ඩායමකින් රුපියල් ලක්ෂ සියයක ඇප මුදලක් ලබාගත යුතු බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

පළාත් සභා මැතිවරණය පවත්වන දින වකවානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව කී ඇමැතිවරයා නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද පැවැසීය.

(Aruna)