විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේලය විසින් අද (23) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කර තිබේ.
එම පෙත්සම සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ගොනු කර ඇත.
මන්ත්‍රීවරයා එම පෙත්සම මගින් ඉල්ලා තිබෙන්නේ විසිවන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නිගමනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එමගින් ඉල්ලා සිටියි.
(Aruna)