Tuesday, January 13, 2026
Follow Us
කෝප් කමිටුවේ නව සභාපතිගේ ඉලක්කය

රාජ්‍ය ආයතන 30 ක විගණන විමසුම් ඉදිරි කාල සීමාවේදී කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බව, කෝප් කමිටුවේ නව සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.

නව තනතුරේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

කෝප් කමිටුවේ සියළු සාමාජිකයින් සමග එක්ව එහි ඉදිරි කටයුතු කි‍්‍රයාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි නෙත් නිවුස් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


(Neth)