Wednesday, May 01, 2024
Follow Us
හිටපු ජනපතිට හා අගමැතිට පාස්කු කොමිසමට පැමිණෙන ලෙස දන්වයි

පාස්කු ප්‍රහාරය සොයා බැලීමට පත් කළ කොමිසමේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන ඔක්තෝබර් මස 05 වනදා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඔක්තෝබර් මස 06 වනදා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිත අතර ඔවුන් දෙදෙනා පළමු වරට කොමිසම හමුවේ පෙනී සිටින අතර ඔවුන් දෙදෙනාට අදාළව දින දෙක තුළ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කොමිසම අද (22) දැනුම් දුන්නේය.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පෙරවරුවේ පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පළමු වරට සාක්ෂි ලබා දීම සඳහා කොමිසම පැමිණ තිබූ අතර එම සාක්ෂි වලට සවන්දීම සඳහා හිටපු ජනාධිපති වරයා කොමිසමට පැමිණ තිබුණි.

පෙරවරු 10.00ට පමණ කොමිසමට පැමිණි හිටපු ජනාධිපති වරයා දහවල් 12 .10 කොමිසමෙන් පිටව ගියේය.

(Lanka Leads)