Wednesday, May 01, 2024
Follow Us
කෝප් සභාපතිකමට විපක්ෂයෙන් යෝජනාවක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධුරය සඳහා අද (22 වැනිදා) දිනයේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු යෝජනා කරන බව සමගි ජන බලවේගය ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ ඊයේ (21 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ කෝප් කමිටුවේ සභාපති ධුරයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු පත්කර ගනිමින් ආණ්ඩුව හොරකමට, වංචාවට අවස්ථාව ලබාදීමට සූදානම් වන බවයි.

‘‘හෙට (23 වැනිදා) පොදු ව්‍යාපාර කාරක සභාව රැස් වෙනවා. අනිද්දට (24 වැනිදා) ගිණුම් කාරක සභාව රැස්වෙනවා. ආණ්ඩුවට දාහතරක් සහ විපක්ෂයට අටක් ලෙස මේ කාරක සභාවල බලය තියෙන්නේ ඔවුන්ගේ අතේ. අපේ කාලයේදී අපි විපක්ෂයට අවස්ථාව දුන්නා සභාපතිවරයෙක් පත්කර ගන්න. හෙට නරියන්ට කුකුළු කොටුව භාරදෙන හැටි අපිට බලාගන්න පුළුවන්. යැයි මන්ත්‍රිවරයා පැවැසීය.

(Aruna)