Tuesday, January 13, 2026
Follow Us
20 නිසා කැබිනට් මණ්ඩලයේ ලොකු පිපිරීමක් වෙලා

ආණ්ඩුව ගෙනා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා කැබිනට් මණ්ඩලයේ ලොකු පිපිරීමක් සිදු වී ඇතැයි විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (17දා) සමගි ජන බලවේගය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

‘‘මේ ව්‍යවස්ථා සංශෝධනය හදපු කෙනෙක් නැහැ. ඒ හින්දා උත්තර දෙන්න විස්තර දන්න කෙනෙක් ආණ්ඩුවේ නැහැ. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විට ගැටුමක් ඇතිවෙලා තියෙනවා. නිර්මාතෘවරයෙක් නැතිව සංවාදයක් නැතිව වැඩකරන විට ඔහොම වෙනවා’’ යැයිද කිරිඇල්ල මහතා පැවසීය.

(Lanka Leads)