Friday, August 15, 2025
Follow Us
විස්සේ අඩංගු දේ ජනතාව දැන සිටියා නම් ආණ්ඩුවට ඡන්ද ලක්ෂ 69 ක් ලැබෙන්නේ නැහැ

වත්මන් රජය ඉදිරිපත් කර ඇති විසිවැනි සංශෝධනයේ යෝජිත ඇතැම් කරුණු පිළිබඳ ජනතාව දැනුවත් වී සිටියා නම් ලක්ෂ හැටනවයක ජනතාව තම වටිනා ඡන්දය කිසි විටකත් මෙම ආණ්ඩුවට ලබා නොදෙන බවත් ආණ්ඩුව දැන් කළ යුත්තේ රටේ සියලුම ජන කොටස්වලට විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කිරීම බව හිටපු කථානායක කරු ජයසූරිය පැවැසීය.

ලෝකයේ වඩාත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ජාතික වැදගත්කමකින් යුතු කාර්යයකදී මහජන අදහස් විමසීම සඳහා ජනතාව දැනුවත් කරන බවත්, තමන් වත්මන් ආණ්ඩුවට යෝජනා කර සිටින්නේ මෙරටේ ජනතාවටද මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ අධ්‍යයනයට එවැනි දැනුවත් කිරීම් කළ යුතු බවත් යැයි හිටපු කථානායකවරයා පැවැසීය.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (17 වැනිදා) සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ඇතුල්කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

(Lanka Leads)