Tuesday, January 13, 2026
Follow Us
රුවන් පත්වී පැය 24න් නවීන් සිරිකොතෙන් සමුගනී !

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක සිරිකොත පක්ෂ මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ ලිපි ගොනු ඊයේ (15 වැනිදා) ඉවත් කරගෙන ඇති බව වාර්තා වෙයි.

ජාතික සංවිධායකවරයා තමන්ට හිතවත් පිරිසක් සමග පැමිණ මෙලෙස ලිපි ගොනු ඉවත් කරගෙන ගොස් ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පත්වී පැය 24ක් ගතවීමට ප්‍රථම ජාතික සංවිධායකවරයා සිය කාර්යාලයේ ලිපිගොනු ඉවත්කර ගැනීම විශේෂත්වයකි.

(Lanka Leads)