Sunday, July 06, 2025
Follow Us
“20 ගැන හන්දි ගානේ කතා කරන්න එපා. අවශ්‍යනම් උසාවි යන්න”.-අමාත්‍ය නාමල් රාජපක්ෂ

20 වන සංශෝධනය සම්බන්ධයෙන් අදහස කුමක්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ “20 සංශෝධනය ලිවුවේ හෝ ගෙනාවේ කවුද මේ මොහොතේ සාකච්චා විය යුතු ප‍්‍රශ්ණයක් නොවෙයි. 20 වන සංශෝධනයෙන් මෙරට ස්ථාවර ආණ්ඩුවක් හැදෙන්නේද නැද්ද යන්න ගැන සාකච්චාව ඊට වඩා වැදගත් “බවයි.


එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, 20 වන සංශෝධනය සම්බන්ධයෙන් හන්දි ගානෙ තැන් තැන්වල කතා නොකර ඒ ගැන කහටක් අවිශ්වාසයක් ඇති කිසිවෙකු සිටි නම් ඒ ඕනෑම අයෙකුට අධිකරණය හමුවට යා හැකි බවයි.
තවද එතුමාගේ අදහස් දැක්වීමට අනුව,19 ව්‍යවස්ථාව අහෝසි කළ පසු 18 වන සංශෝධනය ඉබේම බලාත්මක වන අතර ඉදිරියේදී රටට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට රජය කටයුතු කරනු ඇත.

(Lanka LEads)