මාදිවෙල නිවාස සංකීර්ණයේ ඇති නිවාස මන්ත්‍රීවරුන්ට ප්‍රමාණවත් නොවීම නිසා ශ්‍රාවස්ති මන්දිරය ඒ සඳහා යොදාගත හැකිද යන්න පරීක්ෂා කිරීමට තීරණය කර ඇත.
කොළඹ ශ්‍රාවස්ති ගොඩනැගිල්ලේද මන්ත්‍රීවරුන්ට කාමර පහසුකම් ඇති අතර කොළඹ පැමිණි විට මෙහි නවාතැන් ගත් බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘අරුණ’ට කීවේය.
මාදිවෙල නිවාස සංකීර්ණයේ ඇති නිවාස රැසක් අබලන් තත්ත්වයේ පැවතීම හේතුවෙන් ඉඩමේ අලුතින් මහල් නිවාස ඉදිකිරීමටද රජයේ අවධානය යොමුවී තිබේ.
ඒ අනුව දැනට තිබෙන නිවාස සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබාදීමට හැකිවනු ඇතැයි රජය විශ්වාස කරන බව ඉහත ප්‍රකාශකයා කීවේය.
මේ අතර හිටපු මන්ත්‍රීවරුන් විසිදෙනෙක් මේ වනතුරු මාදිවෙල නිවාස යළි භාරදී නැතැයිද හෙතෙම පැවැසුවේය.
(Aruna)