Tuesday, January 13, 2026
Follow Us
විග්නේශ්වරන්ට එරෙහි පැමිණිල්ල විභාගය ආරම්භ කරයි

අධිකරණයට අපහාස කළේ, යැයි චෝදනා කරමින් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් සහ එම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරියක වන ආනන්දි සසීදරන් යන අයට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලක් අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගෙන ඇත.

උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන බී. ඩෙනිෂ්වරන් මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ල අද දින (15) මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගනු ලැබීය.

එහිදී උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කරන අන්තෝනිපිල්ලේ පතිනාදන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ හිටපු ලේකම් සිවලිංගම් සත්‍යසීලන් යන අයගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර ඇත.

අනතුරුව වැඩිදුර විමසීම හෙට (16) දින දක්වා කල්තැබුණි.

(Aruna)