Friday, August 15, 2025
Follow Us
වජිර නායකත්වයට යන මග සකසමින්

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට ඉදිරිපත් නොවුණ ද පක්ෂ නායකත්වය සඳහා ඉදිරිපත් වන බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

ඒ සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග තමන් අඛණ්ඩව කි‍්‍රයාත්මක කරමින් සිටින බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන කියා සිටියේ.

මේ අතර, ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නියෝජ්‍ය නායක සහ උපනායක ධූර සම්බන්ධයෙන් ද හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන අදහස් පළ කර තිබෙනවා.

එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ නියෝජ්‍ය නායක ධූරය සහ උප නායක ධූරය අවස්ථා කිහිපයකදී පක්ෂ නායකත්වයට එරෙහිව මතුවූ කැරළි මැඩ පැවැත්වීමට ඇති කළ ඒවා බවයි.

එම තනතුරු අහෝසි කිරීම සඳහා වරක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනා සම්මත කර විසඳුම් ඉදිරිපත් කළ බව ද හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන එහිදී පෙන්වා දී තිබෙනවා.

(Neth)