Tuesday, January 13, 2026
Follow Us
සිංහල බෞද්ධ රටක් නොවන බව කී මංගලගෙන් ප්‍රශ්න කරයි

හිටපු ඇමැතිවරයකු වන මංගල සමරවීරගෙන් ඊයේ (14 වැනිදා) පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව පවසමින් හිටපු ඇමැතිවරයා සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාතර පොලිස් අධිකාරි කාර්යාලයේ දී මෙම ප්‍රකාශය ලබාගෙන ඇත.

රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ සහ භික්ෂුන් වහන්සේ නමක විසින් මීට අදාළ පැමිණිල්ල පොලිසියට ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව ඊයේ (14 වැනිදා) උදෑසන මාතර පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණි මංගල සමරවීරගෙන් පැය 1 විනාඩි 45කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් අධිකාරි කාර්යාලය තහවුරු කළේය.

(Aruna)