Friday, August 15, 2025
Follow Us
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාර්ලිමේන්තුවේදී ස්වාධීන වීමට සැරසේ!

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක යූ.ටී.එම්. අන්වර් මහතා පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීමට තම පක්ෂයේ අවධානය යොමු වී ඇති බව පවසයි.

පාර්ලිමේන්තු කටයුතු වලදී ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳව පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ දී අවධානය යොමු වූ බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

අන්වර් මහතාට අනුව පක්ෂයේ පුළුල් සංවිධානයක් සිදු කිරීමට සලකා බලමින් සිටින බව පැවසේ.

අන්වර් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන තෙක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කිසිදු තීරණයක් ගෙන නැති බවත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අදාළ වෙනස් කම් කර නැවත ඉදිරිපත් වීමෙන් පසු ඒ ගැන සාකච්ඡා කරන බවත් අවධාරණය කළේය.

(Lanka LEads)