Tuesday, January 13, 2026
Follow Us
දෙමළ ජාතික සංධානය දෙදරයි!

දෙමළ ජාතික සන්ධානය ගොඩ නැගීමේදී මූලිකත්වය ගත් පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් කේ. තුරෙයිරාජසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.

තුරෙයිරාජසිංහ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත යොමු කර ඇත.

ඔහුගේ ඉල්ලා අස්වීම සම්බධයෙන් අදහස් දක්වන මාවෙයි සේනාධිරාජා මහතා පවසා සිටියේ තමන් ඒ ගැන පුදුම නොවන බවයි. එසේම සේනාධිරාජා මහතාගේ ඉල්ලා අස්වීමෙන් පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් නොවන බවත් පවසා සිටියේය.

තුරෙයිරාජසිංහ මහතාගේ ඉල්ලා අස්වීමට හේතුන් පැහැදිලි කරමින් මාවෙයි සේනාධිරාජා මහතා, තුරෙයි රාජසිංහම් මහතා ඉල්ලා අස්වූයේ වෛරී චේතනාවකින් හෝ වෙනත් දේශපාලන ගැටලුවකින් නොවන බව සඳහන් කළේය.

(Lanka Leads)