Friday, August 15, 2025
Follow Us
විස්සේ අඩුපාඩු නිවැරදි කිරීමට කමිටුවක්

ගැසට් කර ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කර එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

ඒ සඳහා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුව හෙට දිනයේ රැස්වී සමාලෝචන කටයුතු ආරම්භ කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. අග‍්‍රාමාත්‍යවරයා විසින් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අඩුපාඩු හඳුනාගෙන, නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කළේ තමන් ඇතුළු පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පෙන්වා දුන් කරුණු පිළිබඳ සැලකිල්ලට ගනිමින් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ - විපක්ෂ දේශපාලඥයින් තවදුරටත් විවිධ අදහස් පළ කරමින් සිටිනවා. සමගි ජනබලවේගයේ පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළේ මෙලෙසයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

(Neth)