Tuesday, January 13, 2026
Follow Us
ද්විත්ව පුරවැසි අහෝසිය අනිවාර්යයි…කැබිනට් 30 විය යුතුයි – 20ට සහාය දෙන්න ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ කොන්දේසි දමයි..

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක් කළ යුතු බව රජයේ හවුල්කාර පක්ෂ කිහිපයක් විසින්ම යෝජනා කර ඇත.

එම සංශෝධන ඇතුලත් නොවන්නේ නම් පනතට සහාය දීම ගැන නැවත සලකා බැලීමට සිදුවන බව රජයේ හවුල්කාර පක්ෂයක නායකයෙකු විසින් සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබේ.

කැබිනට් මණ්ඩලය 30කට සීමා කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනයට ඉඩ නොදීම, ජාතික විගණන කොමිසම ස්ථාපිත කිරීම යන වගන්ති නැවත ඇතුළු කිරීම එම යෝජනා තුනයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති සහ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමගින් සාකච්ඡා කරන බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

(Lanka Leads)