Friday, August 15, 2025
Follow Us
විස්සට සහාය දෙන විපක්ෂයේ මන්තී‍්‍රවරුන් අතර රහස් සාකච්ඡා

පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බලයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට සහයෝගය ලබාදීම සඳහා විපක්ෂයේ මන්තී‍්‍රවරු පහළොස් දෙනකුට වැඩි පිරිසක් සූදානමින් සිටින බව ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයකු සති අන්ත පුවත්පතකට සඳහන් කර ඇත.

මෙම විපක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම නිල නොවන මට්ටමින් හමුවී සාකච් කර එකඟතාවකට පැමිණ සිටින බව ද හෙතෙම සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් එම විපක්ෂ මන්තී‍්‍රවරු කණ්ඩායම ද වෙනම සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව සදහන්.

ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ජනතාව විශාල ජනවරමක් ලබාදී තිබෙන බැවින් ආණ්ඩුවට සහයෝගය ලබාදිය යුතු බවට ඔවුන් එකඟත්වයකට පැමිණ තිබේ.

විපක්ෂය නියෝජනය කරන දෙමළ පක්ෂ කිහිපයක මන්තී‍්‍රවරු ද ඒ අතර සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කර ඇත.

(Lanka Leads)