Tuesday, January 13, 2026
Follow Us
පක්ෂ ලේකම්වරුන් විසින් මන්ත්‍රීවරුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උදුරා ගැනීමේ ප්‍රවනතාවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතාගේ අත්සනින් යුතුව එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට යවන ලද ලිපියකට අනුව 20 වැනි සංශෝධනය පිළිබඳව මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේ මත ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිය යුතුය.

ඒ පිළිබඳ අදහස් දක්වන දේශපාලන විචාරකයන් පවසන්නේ ලේකම්වරයාගේ ලිපිය මගින් මහජන පරමාධිපත්‍ය හෙවත් ඡන්දය ප්‍රකාශ කළ ජනතාවගේ අයිතිය මෙන්ම මන්ත්‍රීවරුන්ගේ මානව හිමිකම්ද උල්ලංගනය වන බවය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මහජන පරමාධිපත්‍යයේ බලය තහවුරුකොට ඇත.

(Lanka Leads)