Tuesday, January 13, 2026
Follow Us
විස්සට එරෙහි වන්න අලි- දුරකථන මිතුරු වෙයි

විසි වැනි සංශෝධනය පිළිබඳ ඉදිරියේදී ගන්නා ක්‍රියා මාර්ගවලදී එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ වී කටයුතු කිරීමට සමඟි ජන බලවේගය සැරසෙයි. ඒ අනුව ඉදිරි බහුජන ක්‍රියා මාර්ගවලදී එක්සත් ජාතික පක්ෂය බොහෝ දුරට සමඟි ජන බලවේගය සමඟ කටයුතු කරනු ඇති බව එම පක්ෂයේ සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය ඔස්සේ එක්සත් ජාතික පාක්ෂිකයන් ඉදිරියේදී ආණ්ඩුවේ 20 වැනි සංශෝධනයට විරෝධය පළ කිරීමට එක් වනු ඇති බව අනුමාන කෙරෙන අතර එයට අදාළ වැඩසටහන් මාලාවක් ද මේ වන විට සමඟි ජන බලවේගය සකස් කරමින් පසු වෙයි.

(Lanka Leads)